උඩුව මහා විද්‍යාලය

පාසලේ ඉතිහාසය

Children's Day Celebration - 2024

abc.png
abc.png

මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ කටුගස්තොට අධ්‍යාපන කලාපයේ ගලගෙදර අධ්‍යාපන කොට්ඨාසයට අයත් ඉතාමත් මනහර ප්‍රදේශයක පිහිටා ඇති උඩුව මහා විද්‍යාලයට දීර්ඝ ඉතිහාසයක් ඇත.පාසල පිළිබද ලිඛිත මුලාශ්‍ර හිග අතර ජනප්‍රවාදයට අනුව ක්‍රි.ව.1800 දී පමණ මාධ්‍ය දෙකකින් සමාන්තර ශ්‍රේණි සහිතව ආරම්භ වුවා යැයි සැලකේ.ඒ අනුව මෙහි ආරම්භක විදුහල්පතිවරයා වන්නේ ගොඩකුඹුර මහතා ය. නමුත් පාසල පිළිබද ජනතා අදහස් අනුව තවත් මතයක් වන්නේ මෙම පාසල 1902 දී ආරම්භ වූ බවයි.ඉංග්‍රීසි අධිරාජ්‍යවාදීන් වතු වගාව ආරම්භ කිරීමත් සමග මෙම ප්‍රදේශයේ සිටි සිංහල හා දමිළ සිසුන් වෙනුවෙන් මෙම පාසල ආරම්භ වී ඇත.මාන්පිටියේ රටේ මහතා හෙවත් ශ්‍රී රාජකරුණා නවරත්න සේනාපති,පුංචි බණ්ඩා මාපිටිය හා උඩුව මුලාදෑනිව සිටි ඩබ්.එම්.මුදලිහාමි යන මහත්වරු පාසලේ නිර්මාතෘවරුන් ලෙස සැලකේ. ඒ අනුව වසර 200 කට වඩා ඉතා දිගු ඉතිහාසයකට උඩුව විදුහල් මාතාව හිමිකම් කියයි.මුල් අවදියේ දී ප්‍රාථමික පාසලක් ලෙස පැවති මෙම පාසල 1965 වර්ෂයේදී මහා විද්‍යාලයක් බවට උසස් වූ බව සදහන් වේ.

 

ආරම්භ කළ වර්ෂය

1902  ජනවාරි 02 දින

එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව

01

පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව

02

මුල් ගුරුතුමාගේ නම

ගොඩකුඹුර මහතා

පාසලේ ආදි කතෘගේ නම

ශ්‍රී රාජකරුණා නවරත්න සේනාපති

පාසලේ මුල් ගොඩනැගිලි ගණන

01

පාසල රජයට පවරාගත් දිනය

1965

පාසල පැවැත්වූ ස්ථානය

උඩුව 

ප්‍රථම ශිෂ්‍යයාගේ නම

රන්බණ්ඩා ශිෂ්‍යයා 

ප්‍රථම ශිෂ්‍යයාවගේ නම

දොන් සීලවතී ශිෂ්‍යයාව 

ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව

1902  ජනවාරි 03