විදුහල්පති පණිවිඩය
V.G.S.D.කුලසේකර මිය
සුන්දර වටපිටාවක පිහිටි උඩුව මහා විද්‍යාලය දිනෙන් දින විශිෂ්ඨත්වය කරා පිය නගින අප පාසල මධ්‍යම පළාතේ කටුගස්තොට කලාපයේ ගලගෙදර කොට්ඨාශයේ ඇති දීප්තිමත් පාසලකි. අප සිසු දරුවන් නිරන්තරයෙන් කලාප, මෙන්ම පළාත් මට්ටමේ ජයග්‍රහණ රාශියක් අත්පත් කරගෙන ඇති අතර , නව තාක්ෂනය ඔස්සේ පියමනින ලෝකයක උඩුව මහා විද්‍යාලයේ දරුවනුත් එහි කොටස් කරුවන් වී හමාරය.
අප විද්‍යාලය සමග සම්බන්ධ සියළු පාර්ශවයන්ට අප පාසල් බෙව් අඩවිය සමග සම්බන්ධ වී පාසලේ උන්නතියට සහයෝගය දක්වන මෙන් ආරාධනය කර සිටිමි. මෙම කර්තව්‍ය සාර්ථක කර ගැනීම සඳහා උරදුන් සැමට මාගේ හෘදයාංගම ස්තූතිය පිරිනමන අතර දරු දැරියන්ගේ යහගුණ මෙන්ම අධ්‍යාපන කටයුතු දිනෙන් දින වර්ධනය වේවා යි ප්‍රාර්ථනා කරමි.
V.G.S.D.කුලසේකර මිය
විදුහල්පති
උඩුව මහා විද්‍යාලය.





